පාලන මිල ඉවත් කිරීමත් සමඟ වැඩි කළ ලිට්රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කර තිබේ.
ඒ අනුව කිලෝග්රෑම් 12.5ක ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,675කි.
එමෙන්ම කිලෝග්රෑම් 5ක් වු ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 30කින්ද, කිලෝග්රෑම් 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 14කින්ද අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව, කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,071ක් වන අතර, කිලෝග්රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 506ක් බව ලිට්රෝ සමාගම සඳහන් කළේය.