2021 වසරේ පළමු වතාවට ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් සැප්තැම්බර් මස ඩොලර් මිලියන 10 ඉක්ම වූ ආදායමක් වාර්තා කර තිබේ.
එම මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ද 10 000 ඉක්මවා තිබේ.
මේ වන විටත් රුසියානු සංචාරකයින් 1000ක් පමණ ශ්‍රී ලංකා සංචාරයක් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවාවේ ටිකට්පත් වෙන්කර තිබේ. එම පිරිස ද ඇතුළු විශාල සංචාරක පිරිසක් මේ මස ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.