කිරිපිටි හිඟයෙන් මිල්කෝ කල්ල මරේ…! අගෝස්තුවේ රු. මිලියන 1250ක ආදායමක්…!

October 8, 2021 at 10:29 pm | by emanisa.lk

කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් පසුගිය අගෝස්තු මස රුපියල් බිලියන 1.25ක වාර්තාගත ආදායමක් උපයා ගත් බව මිල්කෝ සමාගම පවසයි.

මිල්කෝ ආයතනයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි අභියෝග සඳහා අනුගමනය කළ යුතු විධිමත් ක්‍රියාමාර්ග පිළිබඳව පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් සහ මිල්කෝ ආයතනයේ සභාපතිතුමා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර පැවති විශේෂ සාකච්ඡාවක දී මේ බව අනාවරණය විය.

ආයතනය සහ කිරි ගොවියා අතර පවතින සබඳතාව තව දුරටත් ශක්තිමත් කිරීම මූලික අවශ්‍යතාවක් බව මෙහි දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කිරිගොවි බලමණ්ඩල 91ක් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බවත් එය ඉදිරියේ දී පදනමක් බවට පත් කරන බවත් මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ එහි දී පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *