කොවිඩ් ආසාදිතව දැඩි ලෙස අසාධ්‍ය වූ සිය 89 හැවිරිදි පියා සහ මව දේශීය ප්‍රතිකාර මගින් සුවපත් කරගැනීමට හැකි වූ බව ඕස්ට්‍රේලියාවේ වාසය කරන රන්මල් ඉද්දමල්ගොඩ පවසයි.
බටහිර වෛද්‍යවරු මිය යන බව කී ඔක්සිජන් මට්ටම 80ට බැස්ස සිය පියා සුවපත් කරන බව දේශීය වෛද්‍යවරුන් ඉතා ම විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කර බවත් දින 04කින් කොවිඩ් තත්ත්වය සුවපත් කළ බවත් ඇය සඳහන් කරයි.
බටහිර වෛද්‍ය විද්‍යාවෙහි කොවිඩ් සඳහා බෙහෙත් නැත ද අපේ රටේ හැදෙන ශාඛවලින් ඒ සඳහා ප්‍රතිකාර කළ හැකි බව ඇය අවධාරණය කරයි.