පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහරාන්ගේ ෆෝන් එකේ මදර්බෝඩ් එක කවුද ගත්තේ කව්දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රශ්න කරයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, ඊයේ (28) කුරුණෑගල දී ශ්‍රීලනිප සංවත්සරය වෙනුවෙන් පැවැති ලේ දන්දීමේ වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි.
මෙහිදී ඔහු ‘පාස්කු ප්‍රහාරය’ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අනාවරණයන් කිහිපයක් ද සිදු කළේ ය.
“අද කවුරුත් කතා කරලා තියෙනව ද? සහරාන්ගේ ෆෝන් එකේ මදර්බෝඩ් එක කවුද ගත්තේ? අන්න ඒක තමයි ඉස්සලා හොයා ගන්න තියෙන්නේ. මේ බෝම්බය ගහපු මිනිහගේ ෆෝන් එකේ නේ, තියෙන්නේ සියලු දේවල් ටික.
ඒ ෆෝන් එකේ මදර්බෝඩ් එක අරන් යනවා කියන්නේ කොහේ හරි රටකට කවුරු හරි ඔත්තු සේවාවක් විසින් ලංකාවේ අධිකරණයයි පොලීසියයි ඒකට ඉඩ දෙනවා කියන්නේ එහෙනම් ඉස්සල්ලා මහ මොළකරු කවුද කියලා හිතා ගන්න පුළුවන් බෝඩ් එක අරන් ගිය එක්කෙනා එක්ක කතා කරලා.
ඒ විතරක් නෙවෙයි ඒකට අණ දුන්න දේශපාලනඥයො කවුද කියලාත් හොයලා බලන්න එතකොට කට්ටිය ඔක්කොම හොයා ගන්න පුළුවන් වෙයි.”