කුරුඳු අපනයන ආදායම වාර්තාගත ලෙස ඉහළට…! වසරේ මුල් මාස 07ට රු. කෝටි 2,290ක ආදායමක්..!

September 24, 2021 at 7:39 am | by emanisa.lk

මේ වසරේ මුල් මාස හත තුළ කුරුඳු අපනයනයෙන් ලංකාව රුපියල් කෝටි 2,290ක ආදායමක් ලැබීමට සමත්ව තිබේ. ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, ආචාර්ය ජී. ජී. ජයසිංහ ඊයේ (23) මේ බව අනාවරණය කර තිබේ.

2020 වර්ෂයේ කුරුඳු මෙට්‍රික් ටොන් 18,000ක් පමණ අපනයනය කළ අතර, ඉන් ලැබුණු ආදායම රුපියල් බිලියන 38.2ක් බවත් මේ වසරෙහි ජුලි 31දා වන විට කුරුඳු අපනයනයෙන් ලැබුණු ආදායම රුපියල් බිලියන 22.9ක් බවත් හෙතෙම පැවසීය. ඉතිහාසයේ වැඩිම කුරුඳු අපනයනය වූයේ කොවිඩ් තත්ත්වය පැවති කාලවකවානුවේ බවත් ඔහු ප්‍රකාශ කළේය.

සමස්ත අපනයන කෘෂි භෝගවලින් ලැබෙන ආදායමට සාපේක්ෂව ගත් විට සමස්ත ආදායමෙන් 50%ක පමණ ආදායමක් ලැබෙන්නේ කුරුඳුවලින් වන අතර, මෙක්සිකෝව, අමෙරිකා එක්සත් ජනපදය, කොලොම්බියා, ස්පාඤ්ඤය ඇතුළු දකුණු අමෙරිකානු රටවලට කුරුඳු අපනයනය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *