දේශීය කුරුඳු සිගරට්ටුවට අනුමැතිය නෑ…! – ආයුර්වේද කොමසාරිස්….

March 24, 2021 at 1:54 pm | by emanisa.lk

ශ්‍රී ලංකේය නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දෙන බව ප්‍රකාශ කළ කුරුඳු සිගරට් සඳහා අනුමැතිය ලබා නොදුන් බව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග පවසයි.

Lionheart ලෙස නම් කළ මෙම සිගරට්ටුව වෙළඳපොළට හඳුන්වා දීම සිදු වූයේ පසුගිය 17 වෙනිදා කින්ග්ස්බරි හෝටලයේ දී ය.

ඒ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙනි. කෙසේ වුව ද දුම්වැටි ප්‍රචාරණය කරන බවට ඔහු දැඩි ලෙස චෝදනාවට ලක්විය.

දුම්කොළ සිගරට්ටුවට විකල්පයක් ලෙස හඳුන්වා දෙන මෙම නිෂ්පාදනය වෙළඳපොළට හඳුන්වා දීමට බොහෝ පාර්ශ්ව විරුද්ධ බවට එහි දී විමල් වීරවංශ චෝදනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *