වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවයේ නිරත වන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ දරුණු ගණයේ අපරාධකාරයින් බව වාර්තා වෙයි.
තමන් ද නිදහස් කරන ලෙසට බල කරමින්.චැපල් වාට්ටුවේ රඳවා සිටින සිරකරුවන් 10 දෙනකු එහි වහලය මත නැග විරෝධතාවයක නිරත වන්නේ ඊයේ (20) පස්වරුවේ සිට ය.
මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමට ලක්ව සිටින සිරකරුවන් 1,500 ක් පමණ වැලිකඩ චැපල් වාට්ටුවේ රඳවා සිටින අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් මත්කුඩු ජාවාරම්කරුවන් සහ දරුණු ගණයේ අපරාධකරුවන් බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.
සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටි රැඳවියන් 89 දෙනකු ඉකුත් 12 වැනි දාට යෙදී තිබුණු සිරකරු දිනය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ නිදහස් කෙරිණි.