කොටි සංවිධානය වෙනුවෙන් මාරාන්තික උපවාසයක යෙදී මරුමුවට පත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන් සැමරුම් උත්සව උතුරේ පවත්වා තිබේ.
උපවාසයේ යෙදී සිටිය දී මිය ගිය තිලීපන් සැමරීම සඳහා නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු 2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය ඉදිරිපිට දී ඔහුගේ 34 වැනි මරණ සංවත්සරය වෙනුවෙන් සැප්තැම්බර් 19 වැනි ඉරිදා පුෂ්පදීප උපහාර දක්වා ඇත.
ඒ සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්, නල්ලුර් ප්‍රදේශිය සභා මන්ත්‍රිනී එස්. වාසුලි ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තාකරුවෝ පවසති.