රසායනික පොහොර තහනම නිසා රට තුළ සාගතයක් ඇති වෙනවා…! – වජිර…

September 20, 2021 at 4:19 pm | by emanisa.lk

කිසිදු ඉදිරි සැලසුමක් නොමැතිව රසායනික පොහොර ගෙන්වීම එකවර නතර කිරීම නිසා තේ, පොල්, රබර් ඇතුළු වගාවන්ට සිදුවන හානිය තව අවුරුදු ගණනක් යනතුරු ආපසු හැරවීමට නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන පවසයි.

රටට ආහාර අර්බුදයක් ඇති නොකර වහා පොහොර ගෙන්වීමට කටයුතු කළ යුතු බව කී එජාප සභාපතිවරයා මේ මොහොතේ තීරණ ආපසු හරවා ගැනීමෙන් ආණ්ඩුවට සිදුවිය හැකි ලැජ්ජාවට වඩා ජනතාවගේ බඩගින්න ප්‍රමුඛතාවයේ ලා සැලකිය යුතු බව ද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ අද( 20) පැවැති සාකච්ඡාවක දී වජිර අබේවර්ධන වැඩි දුරටත් සඳහන් කළේ මෙි මොහොතේ සිට රසායනික පොහොර ගෙන්වීමට තීරණය කළත් ඉදිරි අවුරුදු දෙකක කාලයක් සඳහා වගා හානිය මේ වන විටත් සිදු වී අවසන් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *