මෙම වසරේ ජනවාරි සිට ජුලි මාසය දක්වා ජල සම්පාදන මණ්ඩලය විසින් පාරිභෝගිකයන්ට සපයන ලද ජලය වෙනුවෙන් අයවිය යුතු රුපියල් කෝටි 842ක මුදලක් මෙතෙක් ගෙවා නැත.
එනිසා ජල සම්පාදන මණ්ඩලය බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී සිටින බව ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම පවසයි.
මෙරට සමස්ත ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව විසි හය ලක්ෂ පනස් අටදහසකි. එයින් ගෘහස්ථ ජල පාරිභෝගිකයන් ගණන විසිහතර ලක්ෂ පනස් දහසක් පමණ වෙයි. සෙසු අය කර්මාන්ත සහ වෙනත් වාණිජ ව්‍යාපාරවලට සම්බන්ධ පාරිභෝගිකයන්ය.
පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය නිසා ජල බිල්පත් මෙතෙක් ගෙවා නොමැති පාරිභෝගිකයන්ගේ ජල සැපයුම් මෙතෙක් විසන්ධි කර නැත. එහෙත් මෙම මස අවසානයෙන් පසු බිල්පත් පියවා නැති පාරිභෝගිකයන්ට අවසන් රතු නිවේදන නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ආචාර්ය වික්‍රම වැඩි දුරටත් සඳහන් කළේය.