අවු. 20කින් ශ්රී ලංකාව දියුණු රටක් කළ හැකි බව හිටපු අගමැති, එජාප නායක රනිල් වික්රමසිංහ පවසයි.
අද පටන්ගතහොත් මුල් අවු. 05 දුෂ්කර විය හැකි නමුත් එම කාලය තුළ විශාල පිම්මක් පැනිය හැකි බව හිටපු අගමැතිවරයා පෙන්වා දෙයි.
ඒක පුද්ගල ආදායම අවු. 8කින් දෙගුණයක් ද අවු. 16කින් සිව් ගුණයක් ද වශයෙන් අවු. 20ක දී පස් ගුණයකින් ඉහළ නැංවිය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.
අවු. 05කින් රටක් හදන්න බැරි බවත් චීනය සිංගප්පූරුව ආදර්ශයට ගතයුතු බවත් පවසන එජාප නායකයා තමා කුඩා කළ සිංගප්පූරු ජාතිකයින් කොළඹ වරායේ වැඩට පැමිණි බවත් මේ වන විට සිංගප්පූරු ගෘහසේවයට ලාංකික කතුන් යන බවත් සිහිපත් කරයි.