සංචාරකයින් වර්ධනය කරගැනීම සඳහා නිරෝධායන මාර්ගෝපදේශ කිහිපයක් ලිහිල් කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සෞඛ්‍ය අංශයෙන් පසුගියදා කළ ඉල්ලීමට ගුවන් සේවා කාර්යමණ්ඩල වෘත්තීය සංගමය ප්‍රතිචාර දක්වා තිබේ.
පූර්ණ එන්නත්කරණයට ලක්වූ ගුවන් කාර්යමණ්ඩල සාමාජිකයින් කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කට්ටල නොපැළඳීම, දිවයිනට පැමිණීමේදී පැය 72කට පෙර PCRපරීක්ෂණයක් සිදුකිරීමේ කොන්දේසිය ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඊට ඇතුළත් විය.
කෙසේ වෙතත් ගුවන් සේවා කාර්යමණ්ඩල වෘත්තීය සංගමය සංචාරක මණ්ඩලයේ සභාපතිනි ක්‍රිමාලි ප්‍රනාන්දු වෙත ලිඛිතව දන්වා ඇත්තේ එන්නත්කරණයට ලක්වූ හෝ නොවූ පමණින් වෛරසය ආසාදනය වීම හෝ වෛරස වාහකයෙකුවීම නොවැළැක්වෙන බවය.
එබැවින් මෙවැනි තීරණ ගැනීමේදී ගුවන් කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ මෙන්ම රටේ මහජන ආරක්ෂාව පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බව එම සංගමය සඳහන් කර තිබේ.