නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකට දීර්ඝ කළා…! – කෙහෙළිය…

September 10, 2021 at 11:37 am | by emanisa.lk

දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොවිඩ් මර්දන විශෞෂ කමිටුව තීණ්දු කළ බව සෞඛ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඒ අනුව සැප්තැම්බර් 21 වෙනිදා උදෑසන 4.00 දක්වා ඇඳිරි නීතිය බලාත්මක වනු ඇත. කෙසේ වුව ද අත්‍යවශ්‍ය සේවා සඳහා එම සීමා බලපාන්නේ නැත.

ආසාදිතයින් සංඛ්‍යාව අවම වන විට නැවත සුරක්සිතව රට විවෘත කිරීමට හැකි වනු ඇතැයි ද ඇමැතිවරයා සිය විශ්වාසය පළ කරයි.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *