දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොවිඩ් මර්දන විශෞෂ කමිටුව තීණ්දු කළ බව සෞඛ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
ඒ අනුව සැප්තැම්බර් 21 වෙනිදා උදෑසන 4.00 දක්වා ඇඳිරි නීතිය බලාත්මක වනු ඇත. කෙසේ වුව ද අත්‍යවශ්‍ය සේවා සඳහා එම සීමා බලපාන්නේ නැත.
ආසාදිතයින් සංඛ්‍යාව අවම වන විට නැවත සුරක්සිතව රට විවෘත කිරීමට හැකි වනු ඇතැයි ද ඇමැතිවරයා සිය විශ්වාසය පළ කරයි.
සංචරණ සීමා සැප්තැම්බර් 21 දක්වා දීර්ඝ කෙරේ. ආසාදිත සංඛ්‍යාව ක්‍රමයෙන් අවම වන විටදී ඉදිරි කාලයේදී අපට නැවත රට විවෘත කිරීමට හැකි වෙයි. මේ කාලයේ #එන්නතකරණය සදහාත් #නිවසේසිටීමටත් #මුඛාඅවරණපැළඳීම පිළිබඳවත් සැලකිලිමත් වන්න. #WearAMask #StayHome
— Keheliya Rambukwella (@Keheliya_R) September 10, 2021