හදිසි නීතිය නිසා අපේ එක්රැස්වීමේ අයිතිය අවදානමට ලක් කරලා…! – විග්නේශ්වරන්ගෙන් ජිනීවා වෙත පැමිණිල්ලක්…

September 8, 2021 at 12:56 pm | by emanisa.lk

ජනාධිපතිවරයා විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ වෙත ‌පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් විසින් ලිපියක් යොමු කොට ඇත.

දෙමළ ජනතා සන්ධානයේ පක්ෂ පහක් එම ලිපිය සඳහා අස්සන් කොට ඇති බව වාර්තා වේ.

මෙමගින් විග්නේෂ්වරන් පෙන්වා දී ඇත්තේ හදිසි නීති රෙගුලාසි හරහා නිදහසේ අදහස් පළ කිරීමට සහ එක්රැස්වීමට ඇති අයිතිය දැඩි අවදානමකට පත්ව ඇති බවකි.

එමෙන්ම අදාළ ලිපිය මගින් උතුරු ප්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් ද ජිනීවා මහ කොමසාරිස්වරිය වෙත දැනුම් දීමට විග්නේෂ්වරන් පියවර ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *