නව මුදල් පනත අපරාධකාරයින්ට කළු සල්ලි සුදු කරගන්න කදිම අවස්ථාවක්…! – සජිත්…

September 7, 2021 at 10:28 pm | by emanisa.lk

අයථා මාර්ගවලින් උපයා ගත්, බදු නොගෙවූ කළු සල්ලි ඉතා ම සොච්චම් මුදලක් ගෙවා සුදු කිරීමට ආණ්ඩුව මුදල් පනත සම්මත කර ගැනීම ඔස්සේ කටයුතු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ත්‍රස්තවාදීන්ට, කුඩු ජාවාරම්කාරයින්ට, මුදල් විශුද්ධිකරණය කළ පිරිස්වලට, අල්ලස්කාරයින්ට තම කළු සල්ලි සුදු කර ගැනීම සඳහා මෙය කදිම අවස්ථාවක් බව ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

රජය මුදල් පනත සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මේ බව අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *