නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදට ගොස් හෙරොයින් කිලෝ 301ක් සමග 7ක් කුදලං එයි..!

September 4, 2021 at 2:26 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේ දී විදෙස් ධීවර යාත්‍රාවක් හෙරොයින් තොගයක් සමග තම භාරයට ගෙන තිබේ.

එම යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ 301ක් සොයා ගෙන ඇති අතර යාත්‍රාවේ සිටි 7 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වූ අයගෙන් සිව්දෙනෙක් පාකිස්තාන ජාතිකයින් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.

එම මෙහෙයුම අද  (04) උදෑසන සිදුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *