ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න සහ ඔහුගේ දියණිය කොවිඩ් ආසාදනයට ගොදුරු වී ඇතැයි වාර්තා වෙයි.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මොහු කොවිඩ් ආසාදනය වූ පාර්ලිමේන්තුවේ 25 වැනි මන්ත්‍රීවරයාය.
සැකකටයුතු රෝග ලක්ෂණ කිහිපයක් මතුවීම නිසා තමාත් දියණියත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු වූ අවස්ථාවේදී කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න පවසයි. බිරිඳට සහ අනෙක් දියණියට කොවිඩ් ආසාදනය වී නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
තමාට දැනට ඇත්තේ සුළු රෝග ලක්ෂණ කිහිපයක් පමණක් බව ද තමා සමඟ පසුගිය දිනවල සමීපව කටයුතු කළ සියලු දෙනාගෙන් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමු වන ලෙස ඉල්ලා සිටින බව ද අසංක නවරත්න ප්‍රකාශ කළේය.