කොවිඩ් පාලනයට රට වහන්න ඕන නෑ…! – වි. වෛද්‍ය ආනන්ද විජේවික්‍රම…

August 20, 2021 at 8:30 am | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රට සම්පූර්ණ වශයෙන් වසා දැමීම කළ යුතු යැයි තමා කිසි විටෙකත් ප්‍රකාශ නොකරන බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ඊට අඩු ක්‍රියාමාර්ගවලින් මේ වසංගතය පාලනය කළ හැකි යැයි ද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පසුගිය අප්‍රේල් මැයි මාසවල දී රට යම්තාක් දුරකට වැසුණ ද ආයතනවල වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කෙරුණු බවත් එසේ කටයුතු කරන අතරේ දී සෞඛ්‍ය නීති අනුගමනය කිරීම නිසා කොවඩ් පැතිරීමේ යම්කිසි පාලනයක් ද ඇති කරගත් බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *