පසුගිය 13 වනදා වන විට මෙරට කොවිඩ් ආසාදිතව මියගිය පිරිසෙන් 97.7%ක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොසිටි බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
දත්තවලට අනුව ඉකුත් 13 වන දා වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,775ක් වූ අතර ඔවුන් අතරින් 5,295 දෙනෙකු ම කිසිදු කොවිඩ් එන්නතක් ලබාගෙන නොතිබූ බව සඳහන් වෙයි.
සෙසු 480 දෙනා අතරින් එක් මාත්‍රාවක් හෝ ලබා ගෙන සිටිය දී මියගොස් ඇති පිරිස 417ක් වන අතර එය සමස්ත මරණ සංඛ්‍යාවෙන් 7.2%ක් ලෙස දැක්විය හැකිය.
කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක ම ලබාගෙන සිටිය දී ආසාදිතව මිය ගොස් ඇතිපිරිස 63 දෙනෙකු වන අතර එය සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවෙන් 1.1%ක අගයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මෙම පිරිස අතරින් සාතිශය බහුතරයක් නිදන්ගත රෝගවලින් පීඩා විඳි පිරිසකි.