වසංගත රෝග 06ක් තුරන් කළ ආකාරයට කොවිඩ් වසංගතය ද තුරන් කර දෙන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් ඉල්ලා සිටින බව නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
මේ වන විට ජනතාව නිවෙස්වල මිය යන බවත් ඉදිරියේ දී වැළඳුණු විගස මැරී වැටෙන කොවිඩ් ප්‍රභේදයක් පැමිණෙන බව දැනගන්නට ඇතැයි ද උන් වහන්සේ පෙන්වා දෙති.
මේ ආකාරයට කොවිඩ් වසංගතය පැතිරීම ඉතා ම භයානක බවටත් රටක් ඉතිරි නොවනු ඇති බවටත් එහිමියෝ අනතුරු අඟවති.
එහෙයින් වසංගත හයක් තුරන් කළ තම මිත්‍ර රාජිත සේනාරත්නට පැමිණ මෙම වසංගතය පාලනය කරන ලෙසත් ඒ සමඟම මේ රටේ ජනතාව අතර එතුමා මහත් කීර්තියට පත්වනු ඇති බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැඩි දුරටත් සඳහන් කරයි.