කොවිඩ් මෘතදේහ භූමදාන කටයුතු සඳහා වෙන්කළ, මඩකළපුව ඔට්ටමාවඩි ප්රදේශයේ සුසානභූමිය මේ වන විට පිරීගොස් තිබේ.
ඔට්ටමාවඩි ප්රදේශයේ වෙන්කළ භූමියේ මේ දක්වා මළසිරුරු 1470 ක් භූමදානය කර ඇති අතර ඉන් 1383ක්ම මුස්ලිම් ජාතිකයන්ගේ ය. එම ස්ථානයේ තවත් මළසිරුරු 300ක් පමණක් භූමදානය කිරීමට හැකියාව තිබේ.
මේ වන විටත් අම්පාර දිස්ත්රික්කයේ තවත් අක්කර 03ක භූමියක් හඳුනා ගෙන ඇති අතර එහි මළසිරුරු 2400 ක් පමණ භූමදානය කළ හැකි බව වාර්තා වෙයි.