ඊයේ (08) දින මෙරට කොවිඩ් මරණ 111ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩි ම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ. කොවිඩ් මරණ ගණන සියය ඉක්මවූයේ ප්‍රථම වතාවට ය.
ඒ අතර කාන්තාවන් 55 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 56 දෙනෙකුද සිටිති. එම මරණ 111ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,222ක් දක්වා ඉහළගොස් ඇත.
මිය ගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 90 දෙනෙකු සිටි බව සෞඛ්‍ය අංශ පවසයි.