කොවිඩ් වසංගතය මැද ලෝක වෙළඳපොළ ජයගන්න සැලසුම්….! මත්තලට අක්කර 1000ක කෘෂි නිෂ්පාදන හුවමාරු කේන්ද්‍රස්ථානයක්….!

August 8, 2021 at 5:58 pm | by emanisa.lk

හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ කේන්ද්‍ර කරගෙන කෘෂි නිෂ්පාදන හුවමාරු කේන්ද්‍රස්ථානයක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

මත්තල ප‍්‍රදේශයේ අක්කර දහසක පමණ භූමි ප‍්‍රදේශයක් මේ සඳහා යොදා ගැනෙන අතර, ඒ සඳහා ඉඩම් හඳුනා ගැනීමට නියමිතය.

මෙරට කෘෂිකාර්මික නිෂ්පාදනයන්ට මෙන්ම ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකෙරෙන කෘෂිකාර්මික නිෂ්පාදනයන් මෙරටට ආනයනය කර අගය එකතු කිරීමක් කර අපනයනය කිරීම මෙම කෘෂි නිෂ්පාදන හුවමාරු කේන්ද්‍රස්ථානය මගින් සිදුකෙරේ.

වරායක් හා ගුවන්තොටුපළක් පිහිටා තිබීම නිසා මත්තල ප‍්‍රදේශයේ මෙය ආරම්භ කිරීම රටට වඩා වාසිදායක බව දේශීය හා විදේශීය ආයෝජකයින් පෙන්වා දීම මත රජය මේ සඳහා මත්තල තෝරාගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස