හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.
ඔහු මේ වන විට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටී.
පසුගියදා (04) ඔහු සිය නැන්දණියගේ මළ ගෙදරට ද සහභාගී වූ අතර එහි දී මුව ආවරණය ගලවා පිරිසක් සමඟ කතාබහ කරමින් සිටිනු දැකගත හැකි විය.
මේ අතර එහි දී ඔහුගේ සමීපතම ආශ්‍රිතයකු වූ හරීන් ප්‍රනාන්දු නිරෝධායනයට යොමුව තිබේ.