පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ නැති බව එහි මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
එහෙත් එහිදී ඉහළ හැකියාවන් ඇති අයට ප්‍රමුඛතාව හිමි විය යුතු බවත් Z score අගය අනුව එම බඳවා ගැනීම් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
මේ වන විට රජයේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් නොලබන එහෙත් ඉහළ ප්‍රතිඵල සහිත ළමයින් මුදල් නැති නිසා ලංකාවේ සිටින අතර යන්තම් S 03ක් ලබා ගත් පොහොසත් පවුල්වල ළමයින් පිටරට ගොස් උපාධි ලබා ගන්නා බව ද දයාසිරි ජයසේකර අනාවරණය කරයි.
එහෙයින් එම ළමයින් ලංකාව ඇතුළත යම් මුදලක් ගෙවා හෝ සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට විශ්වවිද්‍යාල ඇති කළ යුතු බව ඇමැතිවරයා අවධාරණය කරයි. කෙසේ වුව ද එම විශ්වවිද්‍යාල සියල්ල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ එහි නියාමනයට අනුව ක්‍රියාත්මක වීම අනිවාර්ය බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.