තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් 74 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (03) නිවේදනය කර තිබේ.
මෙය දිනක් තුළ මෙරටින් තහවුරු කෙරුණු වැඩි ම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙස සැලකේ. මේත් සමග මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4645ක් දක්වා ඉහළ ගොස් ඇත.
සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සැමරූ අප්‍රේල් 14 වන දා වන විට මෙරටින් තහවුරු කර තිබුණේ කොවිඩ් මරණ 604ක් පමණි.
ඒ අනුව මේ වන විට නිල සංඛ්‍යාලේඛන අනුව මෙරට තුන්වැනි රැල්ලේ කොවිඩ් මරණ 4041ක් වාර්තා වී තිබේ. මෙම මරණ 4041 වාර්තා වී ඇත්තේ දින 111ක් තුළදීය.