2014 වන විට ශ්‍රී ලංකාව අත්පත් කරගත් ආර්ථික සමෘද්ධිය යහපාලන ආණ්ඩුව විසින් වසර හතරක දී සම්පූර්ණයෙන් ම විනාශ කර දැමූ බව ලංකා බැංකු සභාපති කාංචන රත්වත්තේ පවසයි.
සැම විට ම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා අනුගත වෙමින් ඒ ඒ රජයන්හි ආර්ථික සංවර්ධන කාර්යයට යුගයෙන් යුගය උර දුන් ලංකා බැංකුව වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම හා එක්වෙමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුවීම උදෙසා දිවි උදාන ණය යෝජනා ක්‍රමයත් කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රචලිත කිරීම සහ ඒ සඳහා දිරි ගැන්වීමට සශ්‍රීක ණය යෝජනා ක්‍රමයත් ක්‍රියාත්මක කර තිබෙනවා.
2014 වන විට සියයට 6ක ආර්ථික වර්ධන වේගයක් ලංකාවේ තිබුණා. රජයේ බැංකු පොලී අනුපාතය සියයට 8-9 වගේ තනි ඉලක්කමකයි පැවතුණේ. ඉතා හොඳ ආර්ථික වර්ධනයක් තිබුණ රටක් තමයි පසුගිය රජය භාරගත්තෙ. එහෙත් 2019 වන විට බැංකු පොලී අනුපාතය සියයට 15ත් 16ත් දක්වා වර්ධනය වෙලා 2014 තනි ඉලක්කමේ තිබුණු බදු අනුපාතයත් සියයට 15 දක්වා වැඩි වුණා.
අද ආරම්භ කළ අපනයන විශේෂ ඒකකයෙන් රටේ සුළු පරිමාණ, සුළු හා මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ අපනයනකරුවන්ට එකසේ මූල්‍ය සහ මූල්‍ය නොවන සියලු පහසුකම් සපයමින් රජයේ දේශීය අපනයනකරුවන් නගා සිටුවීමේ කාර්යයට ලංකා බැංකුව උර දී කටයුතු කරනවා.”
ලංකා බැංකුවේ 82 වැනි සංවත්සරයට සමඟාමීව අභිනවයෙන් පිහිටවූ විශේෂ අපනයන ඒකකය (Export Circle) විවෘත කිරීමේ අවස්ථාවට එකතු වෙමින් අද (02) අරලියගහ මන්දිරයේ ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.