අගෝස්තු 01 වන දා සිට පළාත් අතර බස් දුම්රිය සේවා ඇරඹේ….!

July 23, 2021 at 2:10 pm | by emanisa.lk

සංචරණ සීමා ඉවත් නොකළ ද එළඹෙන අගෝස්තු මස පළමු වන දා සිට පළාත් අතර බස් සහ දුම්රිය සීමිත සංඛ්‍යාවක් ධාවනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

“සංචරණ සීමා ඉවත් කළත් නැතත් ලබන අගෝස්තු පළමු වනදා සිට පළාත් අතර යම් බස් රථ ප්‍රමාණයක් සහ දුම්රිය ප්‍රමාණයක් ධාවනය කරන්න කොවිඩ් කමිටුව අපිට පසුගිය රැස්වීමේදී අනුමැතිය දුන්නා.

සීමා ඉවත් කළොත් අපි සම්පූර්ණ වශයෙන් ප්‍රවාහන පහසුකම් සපයනවා. ඒ අනුව සීමා ඉවත් නොකෙරුවොත් අපි අවසර දෙන සීමිත බස් ප්‍රමාණයකට ධාවනය කිරීමේ හැකියාව තියෙනවා.”

මාතර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *