හජ් උත්සව සමයේ මුස්ලිම් ජනතාව විසින් දානමය කටයුත්තක් වශයෙන් සිදු කරනු ලබන සතුන් ඝාතනය සඳහා කිසිදු මුස්ලිම් දේවස්ථාන පරිශ්රයක මෙවර අවසර ලබා නොදීමට මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ වකුෆ් සභාව තීරණය කර තිබේ.
මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඒ.බි.එම්. අෂ්රෆ් විසින් මේ සම්බන්ධයෙන් සියලු මුස්ලිම් දේවස්ථාන භාරකාර මණ්ඩල වෙත ලිඛිතව දන්වා යවමින් කිසිදු මුස්ලිම් දේවස්ථාන පරිශ්රයක සතුන් ඝාතනය සඳහා අවසර ලබා නොදෙන ලෙස උපදෙස් ලබා දෙනු ලැබ තිබේ.
මුස්ලිම් ජනතාවගේ හජ් උත්සවය ලබන 21 වන දා සමරනු ලබන අතර එදින සිට දින තුනක් මෙම දානමය කටයුත්ත සිදු කළ හැකිය. කෙසේ නමුත් මෙවර 23 වනදා පෝය දිනයක් වන බැවින් එය දින දෙකකට පමණක් සීමා වෙයි.