අමාත්‍යංශ කිහිපයක විෂය පථ වෙනස් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එමගින් මෙතෙක් අගමැතිවරයා යටතේ ක්‍රියාත්මක වූ මුදල් අමාත්‍යංශය වෙන ම අමාත්‍යංශයක් ලෙස ගැසට් කර තිබේ.
එසේ ම ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය නමින් නව අමාත්‍යංශයක් ගැසට් කර තිබේ. ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසම ඇතුළු ආයතන 10ක් ඇතුළත් වෙයි.
අලුතින් ආරම්භ කළ සෙලන්ඩිවා ඉන්වෙස්ට්මන් ආයතනය ගැසට් කර ඇත්තේ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීිම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයටය.