සල්ලි අච්චු ගහන්නේ ජනතා බර සැහැල්ලු කරන්න….! ඒ තීන්දු ගන්නේ මහ බැංකුවේ පශ්චාත් උපාධිකාරයෝ….! – අජිත් නිවාඩ් කබ්රාල්…

July 6, 2021 at 3:54 pm | by emanisa.lk

මුදල් අච්චු ගැසීම ලෙස හඳුන්වනු ලබන්නේ මහ බැංකුව විසින් රජයට නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් බව රාජ්‍ය මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

මේ අවස්ථාවේ මුදල් වැඩිපුර අච්චු ගැසුවත් එයට ඇති ඉල්ලුම රටේ ඇති තත්ත්වය හේතුවෙන් අඩු වී ඇති බව රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

මහජනයා මත පැටවෙන පීඩනය අඩු කර ආර්ථික කටයුතු සියලු දෙනාටම කරගෙන යාමට පහසු වන පරිදි වැඩිපුර මුදලක් අච්චු ගස ඇති බව ඔහු මෙහි දී පැවසීය.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික නොවන බවත් ලෝකයේ වෙනත් රටවල් පවා මේ තත්ත්වයට මුහුණ දී ඇති බව ඔහු මෙහි දී පැවසීය.

එළියේ සිටින් විවේචන ඉදිරිපත් කරන පිරිස් මෙන්ම රටේ ආර්ථිකය පිළිබඳ තීරණ ගනු ලබන්නේ ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ පශ්චාත් උපාධිධාරීන් විසින් බවත් මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් ඔවුන්ද අවධානයෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *