රාජ්‍ය ඇමැති කනකගේ බලපෑම් නිසා කුඩා තේ වතු සභාපති ගෙදර යයි…!

July 2, 2021 at 1:24 pm | by emanisa.lk

තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මාස කිහිපයක් තිස්සේ වරින් වර බලපෑම් කිරීම හේතුවෙන් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ මහින්ද විදානපතිරණ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ගේ බලපෑම් මත කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ මහින්ද විදානපතිරණ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ වෙත තම ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙමින් ඔහු පෙන්වා දී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ගේ බලපෑම හමුවේ තමන්ට තව දුරටත් රාජකාරි කළ නොහැකි බවය.

තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද ලිඛිතව කරුණු පැහැදිලි කිරීමක් කිරීමට ඔහු සූදානමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම සියලු පත්කිරීම් සිදුකළේ වියත්මග සංවිධානයේ කමිටුවක නිර්දේශ අනුව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *