මගෙන් පස්සේ ගුවන්විදුලියට ආවේ කම්බ හොරු….! අමරදේව මාස්ටර්ගේ පියෝනාවත් හොරකම් කරලා…! – හඩ්සන් සමරසිංහ

July 1, 2021 at 4:54 pm | by emanisa.lk

ගුවන් විදුලි සංස්ථාව සතුව පැවැති වටිනා පෞරාණික භාණ්ඩ රාශියක් අතුරුදන්ව ඇතැයි එහ නව සභාපති ධූරයට පත් හඩ්සන් සමරසිංහ පවසයි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තමා ජීවත් වූ ගෙදර හා සමාන බවත් නව තනතුරේ වැඩ භාරගැනීමත් සමග කරන පළමු කාර්යය ලෙස තම ගුවන්විදුලියේ අතුරුදන්ව ඇති වටිනා බඩු සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් හෙතෙම අවධාරණය කරයි.

“ගුවන්විදුලිය කියන්නේ මෙරට පෞරාණික වස්තුවක්. එහි තිබූ වටිනා බඩු රැසක් නැතිවී ඇති බවයි ආරංචි. ඒවා අති පෞරාණික වස්තූන්. නැතිවෙච්ච ඇතැම් උපකරණ තරුණයන් හතළිහකටවත් උස්සන් යන්න බැරි ඒවා. යෝධයෝ ගෙනැත් අරන් ගියාද? කියා හිතෙනවා. කවුරු මොනවා කීවත්, කළත් මොන බාධක ආවත් මම මේවා ගැන සොයා බලා අදාළ පරීක්ෂණ සිදුකරනවා. මම කිසි කෙනෙකුට බය නෑ.

සුනිල් ශාන්ත, ආචාර්ය පණ්ඩිත් අමරදේව වැන්නන් ගීත හැදූ, වාදනය කළ පියානෝ නැතිවෙලා. මේවා සංස්ථාව සතුව තිබූ කෞතුක වස්තු. මේවා ගැන සොයා බැලිය යුතුයි. බලාගෙන ගියාම සංස්ථාවට අපෙන් පස්සේ විටින් විට ඇවිත් තියෙන්නේ පල් හොරු ටිකක්. මේක ටිකක් සොයා බලා සුද්ද කර ගත යුතුයි. මේවායේ විමර්ශන වංචා විමර්ශන අංශයටත් භාරදෙන්න මම ක්‍රියාකරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *