බැසිල් රාජපක්ෂ මෙරට සිටියේ නම් ඉන්ධන මිල වැඩි වෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතැම් මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශය එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ප්‍රතික්ෂේප කරයි.
සිය කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේ ය.
ඉන්ධන මිල වැඩි කරන ලද්දේ බැසිල් රාජපක්ෂගේ සහෝදරයන් දෙදෙනා සහ ඥාති පුත්‍රයින් සිටි ජීවන වියදම් කමිටුව මගින් බව හෙතෙම පෙන්වා දෙයි.
ඉන්ධන මිල ගැන තීන්දුව ගන්නා ලද්දේ එක් පුද්ගලයෙකු විසින් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා එය කණ්ඩායමක් විසින් ගන්නා ලද තීරණයක් යයි ද සඳහන් කළේය.
එහෙයින් මෙම කටයුත්තේ චූදිතයා ඇමැති උදය ගම්මන්පිල නොවන බවත් ඇමැතිවරයා චූදිතයා කිරීම කොහේ හෝ බළල් අතකින් සිදුවන ක්‍රියාවලියක් බවත් ඔහු අවධාරණය කරයි.