මිල අඩු කාලේ ගිවිසුමක් ගැහුවා නම් අඩුවට තෙල් ගන්න තිබුණා…! විශේෂඥ මතයට ඇමැති කන්දුන්නේ නෑ…!

June 14, 2021 at 3:50 pm | by emanisa.lk

ලෝක තෙල් මිල ගණන් අඩු වූ පසුගිය කාලයේ ඛනිජ තෙල් මිල දී ගැනීමේ ඉදිරි ගිවිසුම්වලට ගියා නම් මෙසේ තෙල් මිල ගණන් වැඩි කිරීමට අවශ්‍යතාවක් මතු නොවන බව මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයෝ පෙන්වා දෙති.

ගිය වසරේ (2020) කොරෝනා වසංගතයෙන් පසු ලෝක ඛනිජ තෙල් මිල ගණන් විශාල වශයෙන් අඩු වූ බවත් ඒ අවස්ථාවේදී මෙසේ ඛනිජ තෙල් මිලදී ගැනීමේ ඉදිරි ගිවිසුම්වලට එළඹීමට හොඳට ම හැකියාව තිබුණු බව ද ඔවුහු පෙන්වා දෙති.

එසේම මේ සම්බන්ධයෙන් වන ඉදිරිපත් කිරීමක් ගිය වසර (2020) මැද දී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට සිදුකළ බවත් ඔවුන් එයට සවන් දුන්නා මිස ඒ අනුව කටයුතු නොකළ බවත් ඔවුහු සඳහන් කළහ. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට බලශක්ති ඇමැතිවරයා මුණ ගැසීමට පවා අවස්ථාවක් නොලැබුණු බවත් අද එහි ප්‍රතිවිපාක ජනතාවට විඳ ගැනීමට සිදුව ඇති බවත් ඔවුහු වැඩි දුරටත් ප්‍රකාශ කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *