මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතුවලින් හිටපු ඇමැති දයා ගමගේ ගේ ඔලිම්පස් සමාගම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පසුගිය ආණ්ඩුව සිය ආණ්ඩුවේ ඇමැති ධූරයක් ද දැරූ දයා ගමගේට මධ්‍යම අධිවේගයේ මීරිගම සිට පොතුහැර දක්වා ඉදිකිරීම් කටයුතු භාර දී තිබිණි.
එහෙත් මෙම කොටස ඉදිකිරීම දිගින් දිගට ම පමා වීම මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටස විවෘත කිරීම පමා වීමට හේතු වී ඇත.
ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලෙස අධිවේගී මාර්ග අමාත්‍යංශය දිගින් දිගට ම දැනුම් දුන්න ද ඉන් ප්‍රතිඵලයක් ලැබී නොමැත.