පෞද්ගලික රෝහල් කොවිඩ් ආසාදිතයන්ගේ අසාධාරණ ලෙස මුදල් අය කරන හෙයින් එය වහාම වැළැක්වීමට පියවර ගන්නැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි.
කොවිඩ් ආසාදිතයන්ට සැලකිය යුතු ප්‍රතිකාර කිරීමක් සිදු නොකෙරුණ ද රෝහල්වලින් පිටව යද්දි ඔවුන් ලොකු බිල් ඉදිරිපත් කරන බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.
රෝහල්වලින් පිටව යා හැකි බවට වෛද්‍යවරුන් නිර්දේශ කළත් සමහර පෞද්ගලික රෝහල් විවිධ ගිවිසුම් ගැන කියමින් රෝගීන් දින ගණන් ඒවායේ රඳවා ගෙන ලොකු බිල් ඉදිරිපත් කරන බවත් මෙවැනි අසාධාරණ අයකිරීම් වැළැක්වීමට රජය වහා මැදිහත්විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.
කොවිඩ් ආසාදනය වූ අවස්ථාවේ දී තමා ද මෙවැනි අසාධාරණ අයකිරිම්වලට ගොදුරු වූ බව ප්‍රකාශ කළ මුජිබර් රහුමාන් තමා මේ ප්රශ්නය පාර්ලිමේන්තුවේ දී ද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි සඳහන් කළේය.
දරුණු වසංගතයක් පවතින අවස්ථාවක කළ දුටු කල වළ ඉහ ගැනීමට උත්සාහ දරන පෞද්ගලික රෝහල්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ඔහු රජයෙන් වැඩි දුරටත් කිරීමක් කරයි.