සෞඛ්‍ය බලධරයන්ට එන්නත්කරණ ක්‍රියාවලිය පවා විධිමත්ව කරන්නට ඉඩ නොදී ආණ්ඩුවේ දේශපාලනඥයන් “වළං කඩේට පැන්න හරකා සේ” ක්‍රියා කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
කොවිඩ් වසංගතය රට පුරා පැතිරුණේ ආණ්ඩුවේ නොසැලකිලිමත් හා අවිධිමත් වැඩපිළිවෙළ නිසා බව කී රංගේ බණ්ඩාර, වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා දැන්වත් මොළේ ඇතිව තීන්දු තීරණ ගන්නැයි ඉල්ලා සිටින බව ද සඳහන් කරයි.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රංගෙ බණ්ඩාර කීවේ වර්තමානයේ උද්ගත වී තිබෙන තත්ත්වය හරියාකාරව තේරුම් ගෙන දේශපාලනඥයින් වැඩ කටයුතු කළ යුතුව තිබෙන බවයි