සියලු දෙනාට කොවිඩ් මර්දන එන්නත ලබා ගන්නා ලෙස දැනුම් දුන්න ද ඇතැම් කණ්ඩායම් කොවිඩ් මර්දන එන්නත ලබා එම එන්නත ලබා ගැනීම සුදුසු නොවන බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර බී.බී.සී. පුවත් සේවයට මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
ඔබට ලබා දෙන එන්නතෙහි අඩංගු ඕනෑම සංඝටකයකට ඔබට මින් පෙර දරුණු අසාත්මිකතා තත්ත්වයක් (anaphylaxis) ඇති වී ඇත්නම් එන්නත ලබා ගැනීම සුදුසු නොවේ.
එන්නතෙහි පළමු මාත්‍රාවෙන් පසුව දරුණු අසාත්මිකතා තත්වයක් (anaphylaxis) ඇති වුණි නම් එම පුද්ගලයින් එම එන්නතෙහි දෙවෙනි මාත්‍රාව ලබා නොගත යුතුය.
එන්නත් හෝ එන්නත්වලට සම්බන්ධ නොවන අසාත්මිකතා උදා: ආහාර වර්ග,සුරතල් සතුන්, සර්ප විෂ, පාරිසරික සංඝටක හෝ රබර් නිෂ්පාදන වැනි දේ සඳහා මින් පෙර දරුණු අසාත්මිකතා (anaphylaxis) පිළිබඳ ඉතිහාසයක් ඇති පුද්ගලයින් සඳහා ද කොවිඩ් 19 එන්නත ලබා ගත හැකිය (ඇමෙරිකා එක්සත් ජනපදයේ CDC ආයතනයේ නිර්දේශ).
ඖෂධ වර්ගවලට (උදා : Aspirin, Paracetamol, Ibuprofen, Amoxicillin වැනි ) අසාත්මිකතා ඇති අය හෝ පවුලේ දරුණු අසාත්මිකතා ඉතිහාසයක් (family history of anaphylaxis) ඇති පුද්ගලයින්ට ද එන්නත ලබා ගත හැකිය.