ගුවන්විදුලිය නැවතත් මුස්ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට….! පාස්කු ත්‍රස්තයෙකුගේ මාමණ්ඩිටත් ඇමැතිගෙන් පත්වීමක්….!

May 24, 2021 at 12:53 pm | by emanisa.lk

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අන්තවාදී මුස්ලිම් කඳවුරක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නැවතත් එම අන්තවාදීන්ගේ ග්‍රහණයට හසුව ඇතැයි වාර්තා වෙයි.

ජගත් වික්‍රමසිංහ සභාපති ධූරය දැරූ සමයේ මෙම අන්තවාදී බලවේග මර්දනය කර සාම්ප්‍රදායික මුස්ලිම් වැඩසටහන් ප්‍රවර්ධනයට විශාල වැඩකොටසක් කළ ද ඔහුගෙන් පසු තත්ත්වය නැවත යහපාලන යුගයට සමාන තත්ත්වයට වැටී ඇතැයි සේවකයෝ චෝදනා කරති.

මෑතක දී ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් මුස්ලිම් සේවය සඳහා පත්කළ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස අහමඩ් මුනව්වර් නම් අයෙකු පත් කර ඇති අතර මොහු පිළිබඳ විමර්ශනයක් කළ යුතු බවට පාස්කු කොමිසම් සභා වාර්තාව මගින් නිර්දේශ කර ඇති බව ද දැනගන්නට තිබේ.

මොහු ගුවන්විදුලියේ අන්තවාදී දේශන පැවැත් වූ බවට චෝදනා ලද අයකු පමණක් නොව පාස්කු ප්‍රහාරයේ දී මරාගෙන මැරුණු ජමීල් නැමැති ත්‍රස්තවාදියාගේ මාමණ්ඩිය ද වෙයි. සලහුදීන් නැමැති තවත් උපදේශකයෙකු ද අන්තවාදී මතවාදියෙකු බවට චෝදනා නැඟෙන අතර මොහු අගමැතිවරයාගේ හිතවතෙකි යන පදනම යටතේ ඇමැති කෙහෙළිය විසින් පත්කර ඇති බව ද දැනගන්නට තිබේ.

කෙසේ වුව ද මෙම අත්තනෝමතික පත්කිරීම් නිසා තර්ජනයට ලක් වන්නේ මේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව බවත් එම ජනතාව අතර අන්තවාදය ව්‍යාප්ත කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම කනගාටුවට කරුණක් බවත් බොහෝ දෙනාගේ මතය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස