මනම්පිටියේ වැලි ටිපර් බද්දෙන් රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කළා….! – මෛත්‍රී

May 22, 2021 at 8:12 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකි.

පොළොන්නරුව මහ රෝහලට PCR යන්ත්‍රයක් ලබා දීමට හැකිවීම මා ලද භාග්‍යයක් ලෙස සලකමි.

කලක සිට අත්‍යවශ්‍යව තිබූ PCR යන්ත්‍රයක් අද දින පොළොන්නරුව මහ රෝහලට කිසිදු රජයේ මුදලකින් තොරව පරිත්‍යාග කිරීමට හැකි විය.

මහවැලි ගං නිම්නයේ මනංපිටිය ප්‍රදේශයෙන් වැලි කැණීම් කර රැගෙන යන ටිපර් රථ හිමියන්ගෙන් බදු එක්රැස් කරමින් මා විසින් නිර්මාණය කරන ලද ඒකාබද්ධ පොළොන්නරු සංවර්ධන අරමුදල ප්‍රදේශයේ බොහෝ සංවර්ධන වැඩ සඳහා මුදල් ලබාගත් අරමුදලකි.

කාලීන අවශ්‍යතා අනුව පොළොන්නරුව මහ රෝහලට අත්‍යවශ්‍ය වූ PCR යන්ත්‍රය එම අරමුදලින් රුපියල් මිලියන හයක් ආයෝජනය කොට ලබා ගෙන අද දින පොළොන්නරුව මහ රෝහලට පරිත්‍යාග කරන ලදී.
පොළොන්නරු ඒකාබද්ධ සංවර්ධන අරමුදල සඳහා ආධාර උපකාර කළ සියලු දෙනාට ම මාගේ ස්තුතිය පුදකරමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *