චීන දේශප්‍රේමීන් 148ක් වරාය පනතට පක්ෂ වූණා…! පිරිසිදු ලංකා දේශප්‍රේමීන් 58ක් විරුද්ධ වුණා…! – සොයිසා…

May 22, 2021 at 4:46 pm | by emanisa.lk

චීන දේශප්‍රේමීන් 148 දෙනෙකු වරාය නගර පනතට පක්ෂව ද ලංකා දේශප්‍රේමීන් 58 දෙනෙකු එම පනතට විරුද්ධව ද සිය ඡන්දය භාවිත කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා පවසයි.

කෝට්ටේ රාජධානී සමයේ පරංගින්ට ගෙරි සම්කඩක ඉඩ ප්‍රමාණයක කොළඹ කොටුව ඉදිකිරීමට දීම නිසා රට අවුරුදු 550ක යටත්විජිතයක් බවට පත් වූ බව ද සොයිසා පෙන්වා දෙයි.

එකල පෙරදිග ඉන්දී වෙළෙඳ සමාගම ඉන්දියාවේ සිට ලංකාව පාලනය කළ බවත් දැන් ලංකා මුහුදේ නිර්මාණය වන්නේ ද වෙළෙඳ නරගයක් බවත් ඔහු සඳහන් කරයි.

මෙය අපේ භූමිය නොවේ යැයි සිතමින් 69 ලක්ෂයක් තවමත් කටයුතු කළ ද ආණ්ඩුවට සහාය පළකළ භික්ෂූන් වහන්සේලා පූජකතුමන්ලා අද වික්ෂිප්ත වී ඇතැයි ද ප්‍රකාශ කළේය.

මෙම භූමිභාගය ශ්‍රී ලංකා රජයට අයත් වන පරිදි එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට පවා මෙතෙක් ආණ්ඩුව කටයුතු කර නැතැයි විජේමුණි සොයිසා චෝදනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *