දෙමළ වෙනුවට චීන යෙදූ නීතිපති සමරු ඵලකයට කුණු බැනුම්….! වහා ම ගලවා ඉවත් කරයි….!

May 22, 2021 at 3:09 pm | by emanisa.lk

පසුගිය 19 වන දා විවෘත කෙරුණු ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ නව විද්‍යුත් පුස්තකාලයෙහි සමරු ඵලකයේ දෙමළ භාෂාව වෙනුවට චීන භාෂාව යොදා තිබීම සමාජ මාධ්‍යජාල තුළ මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.

මෙරට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව රාජ්‍ය ආයතනයක පුවරුවක් මෙරට රාජ්‍ය භාෂා වන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය කළ යුතුය.

එහෙත් මෙහි දෙමළ භාෂාව ඉවත් කර ඒ වෙනුවට චීන භාෂාව යොදාගෙන තිබේ. එය පැහැදිලිවම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමකි.

කෙසේ වුව ද මේ වන විට අදාළ සමරු ඵලකය ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර නැවත දෙමළ භාෂාව ද ඇතුළත් කර අදාළ ඵලකය පිහිටුවනු ඇත.

මෙම විද්‍යුත් පුස්තකාලය සඳහා අනුග්‍රහය ලබාදුන්නේ චීනයෙන් වන අතර චීන රජයේ සහ ජනතාවගේ සුහදත්වය ප්‍රකාශ කිරීම පිණිස චීන භාෂාව සමරු ඵලකය සඳහා එකතු කළ බව චීන තානාපති කාර්යාලය පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස