වරාය නගර ආර්ථික කොමිෂන් පනතට කිසිදු විරෝධයක් නොපෙන්වා ලයිට් කණු මෙන් එය අනුමත කර ගැනීමට පක්ෂ වූ සියලු දෙනා දේශද්‍රෝහීන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
චීනයට රට පාවා දීමට ගෙන ආ ද්‍රෝහි පනතෙහි විෂකුරු බව තමන් අධිකරණයට ගොස් බාල කරගත් බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
වරාය නගර පනතට පක්ෂ වූ කිසිවෙකුට නැවත දේශප්‍රේමීත්වය පිළිබඳ කතා කළ නොහැකි බවත් ඔවුන් පාවා දෙන්නන් ලෙස ඉතිහාසගත වන බවත් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.