තිස්සගේ වාහනේ ටයර් කපලා….! දේශපාලන සතුරෙකුගේ වැඩක්ලු….!

May 20, 2021 at 9:35 am | by emanisa.lk

බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිගේ පෞද්ගලික මෝටර් රථයේ රෝද දෙකක ටයර් කපා ඇතැයි වාර්තා වෙයි.

එම රථය මාදිවෙල නිවාස පරිශ්‍රයේ නවතා තිබිය දී ඊයේ (19) රාත්‍රියේ මෙලෙස කිසිවෙකු විසින් එහි ටයර් කපා දමා තිබේ.

තමා සමඟ උරණ වී සිටින අයකු විසින් මෙම පහත් ක්‍රියාව සිදුකර ඇති බව මන්ත්‍රීවරයා පවසන අතර පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇත.

තිස්ස කුට්ටිආරච්චි සහ හරීන් ප්‍රනාන්දු අතර පසුගියදා පාර්ලිමේන්තුවේ දී ගැටුමක් ඇති වූ අතර තිස්ස කුට්ටිආරච්චි ඒ පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *