සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් වැරදි දත්ත මත පදනම්ව රටේ සෞඛ්‍ය වැඩපිළිවෙළ මාධ්‍ය හමුවට පැමිණ විවේචනය කිරීමේ තත්ත්වයක් දැකගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙම තත්ත්වය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සේවා පවත්වා ගෙන යාමට මෙන් ම මහජන විශ්වාසය ආරක්ෂා කර ගැනීමට බාධාවක් බව අමාත්‍යංශ ලේකම් සංජීව මුණසිංහගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එහෙයින් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සිටින සියලු නිලධාරීන් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධව ආයතන සංග්‍රහය සහ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අනුව කටයුතු කළ යුතු බවත් නොඑසේ නම් විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.