රටේ කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අසන ප්‍රශ්නවලට පිළිතුරු දිදී සිටින්නට තමන්ට වේලාවක් නොමැති බවත් තමන්ට කොවිඩ් මර්දනයට නායකත්වය ලබාදීමේ වැඩ කටයුතු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
“මේ කොවිඩ් මර්දන ක්‍රියාවලියට මම නායකත්වය දෙනකොට මට කැප කරන්න තියෙන කාලය 27.2 යටතේ විපක්ෂ නායකතුමා අවභාවිතා කරලා මේක අවුල් කරන්න කටයුතු කරනවාද කියන කාරණය ගැන සාධාරණ සැකයක් තියෙනවා ගරු කථානායකතුමනි. මේවා මම හැමදා ම උත්තර දීලා තියෙනවා.
මේක පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ කාලය නාස්ති කරන්නෙ නැතුව ජාතික ව්‍යසනයක් ඇති වෙලා තියෙන වෙලාවෙ කරුණාකර බිමට ගිහිල්ලා එතන කරන්න තියෙන දෙයක් කරන්න කියලා. ඊයෙ ලබා දුන්නා ලොකු ප්‍රශ්න ගොඩක්, මට අද විශාල වැඩ කොටසක් තියෙනවා. එනිසා මට අද උත්තර දීමට හැකියාවක් නැහැ කථානායකතුමනි.”
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දීමට තමන්ට නොහැකි බව අවධාරණය කරමිනි.