නාමල්ගේ ඇඳන් 10 000ක් ව්‍යාපෘතිය අති සාර්ථකයි…! ඇඳන් 16 000ක් සමඟ අලුත් වාට්ටු 13ක් රෝහල් පද්ධතියට….!

May 17, 2021 at 10:00 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවූ ‘දින 10 කදී ඇඳන් 10,000 ක්’ ව්‍යාපෘතියෙන් ඇඳන් 16,000 ක් රෝහල් පද්ධතියට එකතු කිරීමට හැකි වූ බව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යංශය පවසයි.

තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂගේ ද සෘජු අධීක්‍ෂණයෙන් ක‍්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියෙන් රෝහල්වලට පහසුකම් සහිත අතිරේක වාට්ටු13 ක් එක්වූ බවත් බොහෝ රෝහල්වල අලුත්වැඩියා කටයුතු සඳහා ද තරුණ තරුණියන් යොමු වී ඇති බවත් අමාත්‍යංශය පෙන්වා දෙයි.

කොවිඩ් ආසාදිත රෝගීන්ට නේවාසිකව ප‍්‍රතිකාර ලැබීමට පහසුකම් සැලසීමේ අරමුණින් එම ව්‍යාපෘතිය පසුගිය 7 වැනි දා ආරම්භ කර පසුගිය ඉරිදා අවසන් කළ බවත් ව්‍යාපෘතියෙන් ඉලක්කය ඉක්මවා යමින් නව ඇඳන් 16,000ක් පමණ සකස් කිරීමට හැකියා ලැබුණු බවත් වාර්තා වෙයි.

ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකය පෙරමුණ ගනිමින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ බවත් රාජ්‍ය ආයතන සහ විවිධ ස්වෙච්ඡා සංවිධාන පුළුල් දායකත්වයක් ලබා දුන් බවත් අමාත්‍යංශය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස